නාරාහේන්පිට ගොඩනැගිල්ලක ගින්නක්
නාරාහේන්පිට පාක් පාරේ මහල් හතකින් යුත් හෝටල් ගොඩනැගිල්ලක හදිසියේ ගින්නක් හටගෙන තිබෙනවා.
හදිසියේ ඇතිවූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකි වූ බව කොළඹ ගිනිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ගිනි නිවීම් සේවා නිලධාරී රෝහණ නිශාන්ත සේනානායක මහතා පැවසුවා.
හත්වන මහලේ වහලය දෙසින් ගින්නක් සමඟ දුමාරයක් පිටවන බවට ලද දුරකථන පණිවිඩයක් අනුව වහා ක්‍රියාත්මකව ගිනි නිවන රථ තුනක් සමග ගිනි නිවන නිලධාරින් පහළොස්දෙනකු එම ස්ථානය කරා ගොස් ගින්න පාලනය කර නිවා දැමීමට අවශ්‍ය පියවර ගනු ලැබූ බව නාරාහේන්පිට පොලිසිය සඳහන් කළා.
වහලයේ සවිකර තිබෙන සෝලා පැනලයට සම්බන්ධ වයර් වල ඇතිවූ යම් දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.