අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි
කඩුවෙල – හේවාගම ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය, වෙඩි තබා තිබෙනවා.
අදාළ මෝටර් රථය අද (10) අළුයම මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අනතුරට ලක්කොට පළා යාමට උත්සහ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය වූ, එම අවස්ථාවේදී රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් විසින් අදාළ මෝටර් රථය නැවැත්වීමට උත්සහ කර තිබෙනවා.
කෙසේ වෙතත් එය පොලිස් අණ නොතකා ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන්, පොලීසිය විසින් එම මෝටර් රථයට වෙඩි ප්‍රහාර 02ක් එල්ල කර ඇති බව සදහන්.
අනතුරුව වෙඩි ප්‍රහාර මධ්‍යයේ අදාළ මෝටර් රථය පළා ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.