උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක

උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට එයාර් බස් ගුවන් යානා මිලට ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එල්ල වී ඇති චෝදනාව වන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දී දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවටයි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, 7031(c) වගන්තිය යටතේ මෙම හිටපු ශ්‍රී ලාංකීක නිළධාරීන් දෙදෙනාට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් යන දෙපාර්ශ්වයේම නාමයන් ප්‍රසිද්ධියේ නම් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම්.

එම නිළධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් අමෙරිකාව දක්වා තිබු කරුණු පහතින් දක්වා ඇත,

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන

7031(ඇ) වගන්තියට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව කපිල චන්ද්‍රසේන සැළකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ නම් කරයි. චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකාව එයාර්බස් ගුවන් යානා වෙළෙඳපොළ වටිනාකමට වඩා මිල දී ගැනීම සහතික කිරීම සඳහා අල්ලසක් ලබාගත්තේය. මෙම ක්‍රියාවෙහි කොටසක් ලෙස, ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන් ද නම් කරනු ලැබේ.

උදයංග වීරතුංග, රුසියාවේ හිටපු තානාපති

7031(ඇ) වගන්තියට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තුව උදයංග වීරතුංග සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ නම්කරයි. වීරතුංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධ දූෂිත යෝජනා ක්‍රමයකින් පෞද්ගලිකව ප්‍රතිලාභ ලබාගත්තේය. මෙම ක්‍රියාවෙහි කොටසක් ලෙස, ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන් ද නම්කරනු ලැබේ.

Share This