තම්මිට වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

තම්මිට වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ගම්පහ තම්මිට කවුඩන්ගහ ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රීයේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු, ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මරණකරු නිවසේ සිටියදී ඊයේ (08) රාත්‍රීයේ ඩුබායි රාජ්‍යයට අයත් දුරකථන අංකයකින් ඇමතුමක් ලැබී ඇති අතර එම ඇමතුමත් සමඟ ඔහු නිවසින් පිටත්ව යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

යතුරු පැදියකින් පැමිණි නන්නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් රිවෝල්වර අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ, 29 හැවිරිදි අරුණ මධුරංග නමැති ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඔහු ‘තම්මිට මද්දා’ ලෙසින්ද හඳුන්වනු ලබන බව සඳහන්.

ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

Share This