බැංකු කිහිපයක ඩොලරයේ මිල මෙන්න

බැංකු කිහිපයක ඩොලරයේ මිල මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 286.10ක් ලෙස සහ විකුණුම් මිල රු. 294.70ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින් දැක්වෙනවා.

  • ලංකා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.286.30ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල රු.294.30ක් ලෙස දැක්වෙනවා.
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.283.49ක් සහ විකුණුම් මිල රු.295.04ක් ලෙස සඳහන්.
  • හැටන් නැෂනල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.286.75ක් වන අතර විකුණුම් මිල රු.293.75ක් වනවා.
  • සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.286.40ක් බවත් විකුණුම් මිල රු.293.40ක් බවටත් දැක්වෙනවා.
  • කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.284.59ක් සහ විකුණුම් මිල රු.294.40ක් ලෙස සඳහන්.
  • අමානා බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු.287.95ක් ලෙසත් විකුණුම් මිල රු.292.95ක් ලෙසටත් වාර්තා වනවා.
Share This