IMF පස් වැනි හා හය වැනි වාරික දෙකම එකවර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගිය දෙසැම්බර් 15 වැනිදා හා මාර්තු 15 වැනිදා මෙරට ලබාදීමට නියමිතව තිබූ විස්තීරණ ණය පහසුකමේ පස් වැනි හා හය වැනි වාරික දෙක එකවර ලබාදෙමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට අනුමැතිය ලබාදුන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානි, Evan Papageorgiou මහතා ප්‍රකාශ කරනවා.

මෙරට ආර්ථිකය වසර 2022දී බංකොලොත් වූ පසු එයට විසදුමක් ලෙස  වසර 2023 මාර්තු 20 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් ලබාදීමට තීරණය කරන ලදි. ඒ අනුව මේ වන විට වාරික හයක් ලබා දෙමින් මෙරටට ඩොලර් බිලියන 2.4ක මුදලක් ලබාදී ඇතැයි ද ඒ මහතා  වැඩිදුරටත් පවසා සිටිනවා.

Share This