දුම්රිය භාවිතා කරන්න එපා – දුම්රිය මාර්ග ආසන්නයෙන් දුරස්වන්න – ඊශ්රායලයෙන් ඉරාන වැසියන්ට අනතුරු ඇඟවීමක්

ඉරානයේ ජනතාවට දුම්රිය භාවිතා කිරීමෙන් සහ දුම්රිය මාර්ග ආසන්නයෙන් දුරස්ව සිටින ලෙස ඉස්රායල හමුදාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

පර්සියානු භාෂාවෙන් සමාජ මාධ්‍ය හරහා නිකුත් කළ මෙම නිවේදනයේ සඳහන් වන්නේ, දුම්රිය හා රේල් මාර්ග ආසන්නයේ සිටීම ජීවිත අවදානමට හේතු විය හැකි බවයි.

මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබාදී ඇති අවසාන කාල සීමාවට සමීප වන අවස්ථාවකදීය. එම කාල සීමාව තුළ ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර මාර්ගය නැවත විවෘත නොකළහොත් දැඩි ප්‍රහාර එල්ල කළ හැකි බවට ඔහු අනතුරු ඇඟවා තිබේ.

මේ අතර, ඉස්රායලය විසින් ඉරානයේ යටිතල පහසුකම් වෙත ප්‍රහාර වැඩි කරමින් සිටින අතර, එයට ප්‍රතිචාර ලෙස ඉරානයද මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවත් උණුසුම් වී ඇති අතර, සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ දැඩි කනස්සල්ලක් මතුව තිබේ.

Share This