Walk for Peace පාගමන මෙරටට – අනුරාධපුරයේ සිට කොළඹට ඓතිහාසික ගමනක්

Buddhist monks' Walk for Peace: Journey through S.C.ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සූවිසි විවරණ සහිත පූජනීය බෝධි අංකුරයක් සහ සර්වඥ ධාතූන් වහන්සේලා රැගෙන අනුරාධපුරයේ සිට කොළඹ දක්වා දින හතක් පුරා පැවැත්වෙන, ජාත්‍යන්තර කීර්තියට පත් “සාමය සඳහා පාගමන” (Walk for Peace) 2026 අප්‍රේල් 21 වනදා සිට 28 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. අතිපූජ්‍ය පඤ්ඤාකාර තෙරණුවන්ගේ ප්‍රධානත්වයෙන් සහ දොළොස් නමකගෙන් සමන්විත සංඝයා වහන්සේලා කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් මෙම ඓතිහාසික පාද යාත්‍රාව මෙහෙයවනු ලබයි.

රජයේ “පිරිසිදු ශ්‍රී ලංකා” (Clean Sri Lanka) ජාතික වැඩසටහනේ පූර්ණ දායකත්වය ඇතිව ක්‍රියාත්මක වන මෙම පුණ්‍ය මහෝත්සවය, ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය සහ සාම්ප්‍රදායික කර්මාන්ත ප්‍රදර්ශනය කෙරෙන රාජ්‍ය උත්සවයකින් සහ සංස්කෘතික ප්‍රදර්ශනයකින් අවසන් වීමට නියමිතය.

Share This