ඔබ අඩුවෙන් නිදාගන්නා අයෙක්ද? ඔබ ඔබගේම මොළය කා දැමීම අරඹා ඇත!

අවවාදයයි: ඔබ අඩුවෙන් නිදාගන්නා අයෙක්ද? ඔබේ මොළය “තමන්වම කා දැමීම” (Self-Eating) අරඹා ඇත!

අපි හැමෝම දන්නවා නින්ද මදි වුණාම මහන්සියක් දැනෙනවා කියලා. හැබැයි ඔබ දන්නවාද, දිගින් දිගටම නින්ද අහිමි වීම නිසා ඔබේ මොළයේ සෛල විසින්ම අනෙක් සෛල සහ සම්බන්ධතා (Synapses) විනාශ කර දමන බව? මෙය විද්‍යාත්මකව හඳුන්වන්නේ “Astrocytic Phagocytosis” ලෙසයි. සරලවම කිවහොත්, මොළය තමන්වම කා දැමීමකි!
මෙන්න මෙහි ඇති භයානක ඇත්ත සහ එය ඔබේ මතකයට බලපාන ආකාරය:
1. මොළයේ “පිරිසිදු කිරීමේ පද්ධතිය” අවුල් වීම
අපේ මොළයේ ‘මයික්‍රොග්ලියා’ (Microglia) සහ ‘ඇස්ට්‍රොසයිට්’ (Astrocytes) නමින් සෛල වර්ග දෙකක් තියෙනවා. මොවුන්ගේ රජකාරිය තමයි අපි නිදාගෙන ඉන්න වෙලාවට මොළයේ තියෙන අනවශ්‍ය අපද්‍රව්‍ය සහ මැරුණු සෛල ඉවත් කරලා මොළය පිරිසිදු කරන එක.

නමුත් ඔබ නිසි ලෙස නිදා නොගන්නා විට, මේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය “උමතු” තත්ත්වයට පත් වෙනවා. එවිට ඔවුන් කරන්නේ අනවශ්‍ය දේ පිරිසිදු කරනවා වෙනුවට, මොළයේ මතකය ගබඩා කරන සහ තොරතුරු හුවමාරු කරන “නිරෝගී සෛල සම්බන්ධතා” පවා කා දැමීමයි.

2. මතකය ගබඩා කරන කොටස් විනාශ වීම (Memory Loss)
අපේ මතකය තැන්පත් වෙන්නේ මොළයේ තිබෙන සෛල අතර ඇති සම්බන්ධතා (Synapses) හරහායි. නින්ද මදි වුණාම, අර කලින් කියපු සෛල විසින් මේ මතක සම්බන්ධතා බිඳ දමනවා. ඒ නිසයි
ඉක්මනින් දේවල් අමතක වීම.අලුත් දෙයක් ඉගෙන ගැනීමට අපහසු වීම.අවධානය එක තැනක තබා ගැනීමට නොහැකි වීම.වැනි ගැටලුවලට මුහුණ දීමට සිදු වන්නේ.

3. ඇල්සයිමර් (Alzheimer’s) රෝගයට ඇති අවදානම මොළය මෙලෙස තමන්වම කා දැමීම නිසා දිගුකාලීනව මොළයේ ව්‍යුහය වෙනස් වෙනවා. පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ දිගුකාලීනව නින්ද අහිමි වීම නිසා මතකය සම්පූර්ණයෙන්ම අහිමි වන “ඇල්සයිමර්” වැනි බරපතල රෝගාබාධ වැළඳීමේ අවදානම ඉතා ඉහළ යන බවයි.

4. මොළයේ “විෂ” එකතු වීම (Toxic Buildup)
අපි නිදාගෙන ඉන්න වෙලාවට මොළයේ ඇති ‘ග්ලිම්පටික් පද්ධතිය’ (Glymphatic system) මගින් මොළයේ එකතු වන විෂ රසායනික ද්‍රව්‍ය සෝදා හරිනවා. ඔබ අවදි වී සිටින විට මේ පද්ධතිය ක්‍රියා කරන්නේ නැහැ. නින්ද මදි වන විට මේ විෂ ද්‍රව්‍ය මොළය තුළ තැන්පත් වී මොළයේ සෛල මිය යාමට පටන් ගන්නවා.

දිනකට පැය 7-8ක සුවබර නින්දක් යනු සුඛෝපභෝගී දෙයක් නොව, ඔබේ මොළයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. ඔබ “වැඩ ගොඩක් කරන්න” කියා නින්ද කැප කරන සෑම මොහොතකම ඔබ කරන්නේ ඔබේ බුද්ධි මට්ටම සහ මතක ශක්තිය සදහටම විනාශ කර ගැනීමයි.
අද සිටවත් වේලාවට නිදාගෙන ඔබේ මොළය බේරා ගන්න!
මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? ඔයා දවසකට පැය කීයක් නිදාගන්නවාද?

Share This