නොමිලේ ලබාදෙන රුසියානු පිලිකා එන්නත – සාර්ථකව පළමු වරට රෝගියෙකුට ලබාදෙයි

“මනුෂ්‍ය වර්ගයාට ලොකුම අභියෝගයක් වුණු පිළිකා රෝගය මර්දනය කරන්න රුසියාවෙන් ඉතාමත් සුබදායී පුවතක් වාර්තා වෙනවා. රුසියානු විද්‍යාඥයන් විසින් නිපදවූ නව පිළිකා එන්නත (Cancer Vaccine) පළමු වරට රෝගියෙකුට සාර්ථකව අත්හදා බලා තිබෙනවා.
​මෙය සාමාන්‍ය එන්නතක් වගේ නෙවෙයි, රෝගියාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලවාම පිළිකා සෛල හඳුනාගෙන ඒවා විනාශ කරන්න පුළුවන් තාක්ෂණයක්.
විශේෂයෙන්ම මෙලනෝමා සහ පෙණහලු පිළිකා වැනි දරුණු තත්ත්වයන් සඳහා මෙය සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙනවා.

දැනට මෙය පවතින්නේ සායනික පරීක්ෂණ (Clinical Trials) මට්ටමේ. සියලුම පරීක්ෂණ අවසානයේ සාර්ථක වුවහොත්, ඉදිරි වසර කිහිපය තුළ පිළිකා රෝගයට එරෙහිව ලෝකයට ලැබෙන ප්‍රබලම අවිය මෙය වනු නොඅනුමානයි!

සිය දහස් ගණන් රෝගීන්ගේ ජීවිත සුවපත් කරන්නට මේ පර්යේෂණ සියල්ල සාර්ථක වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා

Share This