අමෙරිකාව ගොඩබිමින් අවොත්! ඉරානයේ සහයට අපි එනවා – චෙච්නියානු නායක Ramzan Kadyrov

චෙච්නියා හමුදා ඒකක, ඇමෙරිකාව විසින් ඉරානයට භූමි ආක්‍රමණයක් ආරම්භ කළහොත් එරට හමුදාවට සහය දීමට සූදානම් බව සඳහන් කර ඇති බව සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, චෙච්නියා නායක රම්සන් කාදිරොව්ට විශ්වාසය පළ කරන මෙම හමුදා ඒකක, ඇමෙරිකානු භූමි මෙහෙයුම් ආරම්භ වුවහොත් මැදිහත් වන බව ප්‍රකාශ කර ඇත.
පසුගිය සති කිහිපය පුරාවට ඇමෙරිකාව හා ඉස්රායලය විසින් ඉරානය ඉලක්ක කරමින් සිදුකරන හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් උණුසුම් වූ තත්ත්වය මධ්‍යයේ මෙම ප්‍රකාශය නිකුත් වී තිබේ.
එම චෙච්නියා ඒකක මෙම ගැටුම “ධර්ම යුද්ධයක්” ලෙස විස්තර කර ඇති අතර, එය සදාචාරමය බලවේග දෙකක් අතර පවතින සටනක් ලෙස දක්වා තිබේ.
ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, සෘජු මැදිහත් වීමක් සිදුවුවහොත් එය “ජිහාද්” එකක් වන බවත්, “හොඳ හා නරක” අතර සටනක් ලෙස එය නිර්වචනය කරන බවත්ය.
