ජාතිය අමතමින් ට්‍රම්ප් ඉරාන ගැන දැඩි ප්‍රකාශයක් කරයි

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු “සම්පූර්ණ වීමට ආසන්න” බවත් ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවට සපථ කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටනයේ සිට අද (02) ජාතිය අමතමින් ප්‍රකාශ කරනු ලැබුවේය.

ඉදිරි සති 2-3 ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවත් මෙම දැවැන්ත ප්‍රහාරයන් හරහා ඉරානය නැවතත් “ගල් යුගය” දක්වා ආපස්සට ඇද දමන බවට ඔහු වැඩි දුරටත් අනතුරු අගවයි.

අමෙරිකාව සැලසුම් කළ හමුදා අරමුණු බොහොමයක් මේ වන විටත් සාර්ථක වී ඇති බවත්, එම කාර්යය නිම කිරීමට තව ඇත්තේ ඉතා සුළු කාලයක් බවත් ඔහු සඳහන් කරයි.

ජනාධිපති ට්‍රම්ප් ජාතිය අමතමින් මේ බව පැවසුවේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට දරන උත්සාහයන් සහ කලාපීය නොසන්සුන්තාවයන් මධ්‍යයේ වන අතර ඉරානය සාකච්ඡා මේසයට එන්නේ නැතිනම් එරට යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ට්‍රම්ප් මෙහිදී දැඩිව ප්‍රකාශ කරනු ලැබුවේය.

Share This