ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්
නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රධාන භූමිකම්පාවක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කරනවා. භූකම්පනය හේතුවෙන් එහි අපකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්ද එම ආයතනය විසින් සිදු කරනවා.
ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි
රළ ඇති විය හැකි බව හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයද සඳහන් කරයි.
