සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පාසල් සිසුන් අතර ගැටුමේ සුලමුල හෙළිවෙයි තිදෙනෙක් අත්අඩංගුවට

පොලිස් වාර්තාවලට අනුව, මෙම පහරදීමට මුල් වී ඇත්තේ පාසල් විනය සම්බන්ධ කරුණකි. පහරකෑමට ලක් වූ සිසුවා විසින් තවත් සිසුවෙකු දුම්පානය කරන බවට පන්ති භාර ගුරුතුමියට දැනුම් දීම මෙයට ආසන්නතම හේතුව වී ඇත. එම වෛරය පිරිමසා ගැනීම සඳහා තවත් සිසුන් දෙදෙනෙකු එක්ව මෙම පහරදීම සිදු කර ඇති බව තහවුරු වී තිබේ.
අදාළ පහරදීම සම්බන්ධයෙන් මීට පෙර පැමිණිල්ලක් ඉදිරිපත් නොවීමට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ, පාසල් මට්ටමින් විදුහල්පතිවරයා මැදිහත් වී දෙපාර්ශවයටම අවවාද කර ප්රශ්නය සමථයකට පත් කිරීමට උත්සාහ කර තිබීමයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීමේ වීඩියෝව සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය වීමත් සමඟ තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් පහරකෑමට ලක් වූ සිසුවා සහ ඔහුගේ මව අද (28) දින පොලිසියට පැමිණිලි කර ඇත.
• පහරකෑමට ලක් වූ සිසුවා වෛද්ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්යවරයා වෙත යොමු කර තිබේ.
• පහරදීමට සම්බන්ධ වූ සහ එම දර්ශන සමාජ මාධ්ය වෙත මුදාහළ සිසුන් තිදෙනාගෙන් පොලිසිය ප්රකාශ සටහන් කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16 ක් වන හැටන් සහ දික්ඔය ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හැටන් පොලිස්ථානය මගින් ක්රියාත්මකයි.
Share This