හොර වැලි අල්ලන්න ගිය පොලිස් නිලධාරියාව ට්රැක්ටරයෙන් යට කර මරා දමයි

යාපනය, කොඩිකාමම් ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්රවාහනය කරමින් පැමිණි ට්රැක්ටර් රථයකට යටවීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් අදාල ට්රැක්ටර් රථය නවත්වන ලෙස සන්කේත ලබා දී තිබුණද, එම නියෝග නොසලකා රියදුරා අධික වේගයෙන් ගමන් කරමින් නිලධාරීන් වෙතම වාහනය ධාවනය කර ඇත.
එහිදී පොලිස් සැරයන්වරයා බරපතල ලෙස තුවාල ලබා සිද්ධි ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
අනතුරෙන් පසුව රියදුරා ට්රැක්ටර් රථය සමඟ පලාගොස් ඇති අතර, සැකකරු සහ වාහනය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුම් ආරම්භ කර ඇත.
