කෝටි දෙකකට ඉහළ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග අයෙක් ගුවන්තොටුපළේදී කොටු

රුපියල් දෙකෝටි හැත්තෑ හය ලක්ෂ විසි දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (09) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත . ඔහු 27 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක් වේ.
මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 762 ක ප්‍රමාණය පැකැට් 06 ක් ලෙස සකස් කර සගවා ගෙන තිබුණි . වැඩිදුර විමර්ශන කටයුතු සදහා අද මෙම ගුවන් මගියා සහ ඔහුගේ මත්ද්‍රව්‍ය තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .
