ලෝක පාංශු දිනය අදයි
අපේ පෘථිවි ග්‍රහයාගේ පැවැත්ම රඳා පවතින්නේ පස සමඟ ඇති අගනා සම්බන්ධය මතයි.
අපේ ආහාරවලින් සියයට 95කට වඩා ලැබෙන්නේ පසෙන්.
මීට අමතරව,පස ශාක සඳහා අත්‍යවශ්‍ය ස්වභාවිකව ඇති රසායනික මූලද්‍රව්‍ය 18න් 15ක් සපයනවා.
ශාක මගින් පෝෂක අවශෝෂණයට අත්‍යවශ්‍ය වන පාංශු ජලය අපගේ පරිසර පද්ධති එකට බැඳ තබනවා.මේ සහජීවන සම්බන්ධතාවය තමයි අපගේ කෘෂිකාර්මික පද්ධතිවල පදනම.
කොහොම වුනත්, දේශගුණික විපර්යාස සහ මානව ක්‍රියාකාරකම් හමුවේ, අපගේ පස හායනය වෙමින් පවතිනව වගේම අපගේ ජල සම්පත මත අධික පීඩනයක් ඇති කරනවා.
පාංශු ඛාදනය ස්වභාවික සමතුලිතතාවය කඩාකප්පල් කරන අතර, ජලය කාන්දු වීම අඩු කරලා සියලු ආකාරයේ ජීවීන් සඳහා බලපෑම් සිදු කරනවා.
අවම වගාව, භෝග භ්‍රමණය, කාබනික ද්‍රව්‍ය එකතු කිරීම සහ ආවරණ බෝග වගාව කියන්නේ, තිරසාර පාංශු කළමනාකරණ පිළිවෙත්.
පාංශු සෞඛ්‍යය වැඩි දියුණු කිරීම, ඛාදනය හා දූෂණය අවම කිරීම සහ ජලය කාන්දු වීම සහ ගබඩා කිරීම වැඩි දියුණු කිරීමට එම පිළිවෙත් හේතු වෙනවා.
ඒ මගින් පාංශු ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, සාරවත් බව වැඩි දියුණු කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීම දැකිය හැකියි.
ලෝක පාංශු දිනය වාර්ෂිකව දෙසැම්බර් 5 වන දින පවත්වනු ලබන්නේ සෞඛ්‍ය සම්පන්න පසෙහි වැදගත්කම කෙරෙහි අවධානය යොමු කිරීම සහ පාංශු සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා පෙනී සිටීමේ මාධ්‍යයක් වශයෙන්.
මිනිසාගේ පැවැත්මට පස ගොඩාක් වැදගත් නිසාම පස සැමරීම සඳහා ජාත්‍යන්තර දිනයක් 2002 දී ජාත්‍යන්තර පාංශු විද්‍යා සංගමය නිර්දේශ කළා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී 2014 දෙසැම්බර් 5 පළමු නිල ලෝක පාංශු දිනය ලෙස නම් කළා.
මෙවර ලෝක පාංශු දිනයේ තේමාව වන්නේ “පස සඳහා සත්කාර: මැනීම, අධීක්ෂණය, කළමනාකරණය ” යන්නයි.
ලෝක පාංශු දිනය 2024 සහ එහි ප්රචාරක ව්‍යාපාරයේ අරමුණ වන්නේ පාංශු ලක්ෂණ අවබෝධ කර ගැනීමේදී සහ ආහාර සුරක්ෂිතතාව සඳහා තිරසාර පාංශු කළමනාකරණය පිළිබඳ දැනුවත් තීරණ ගැනීමේදී නිවැරදි පාංශු දත්ත සහ තොරතුරුවල වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමයි