පෙදරේරු ශිල්පියා අහුලා ගත් රුපියල් අසූ දහසක් සහිත මුදල් පසුම්බියක් පොලිසිය මාර්ගයෙන් අයිතිකරුට භාර දීලා

(මොනරාගල – ළහිරු ගුණතිලක)
කුඩාඔය පොලිස් වසමට අයත් සමඟිපුර පදිංචි පෙදරේරු ශිල්පියෙකු වන ජී. ඩබ්ලි ලක්ප්‍රිය ලාල් මහතා විසින් කුඩාඔය බලහරුව මාර්ගයේදී වැටී තිබී අහුලා ගත් රුපියල් අසූදහසක් සහිත මුදල් පසුම්බියක් පොලිසියට භාරදීමෙන් අනතුරුව අයිතිකරුට භාරදී ඇත.
ඌව පැල්වත්ත ප්‍රදේශයේ පදිංචි මව සහ පියා කුඩාඔය බලහරුව මාර්ගයේ යමින් සිටියදී පියාගේ මුදල් පසුම්බිය නැති වී ඇත.
එම මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම පෙදරේරු ශිල්පියා මුදල් පසුම්බියා අහුලාගෙන ඇති අතර එය කුඩාඔය පොලීසියට භාරදීමෙන් අනතුරුව පසුම්බියේ තිබූ ඩබ්ලිව්. එම්. අසිල අනුහස් නැමති ඔහුගේ දරුවාගේ සිසු උදාන සාමාජික කාඩ් පතේ තොරතුරු අනුව දරුවාගේ පාසල් පැල්වත්ත නවෝද්‍යා පාසල බවට හඳුනාගෙන ඇත.
ඒ අනුව පොලිසිය මඟින් එම පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කර ඔවුන් පොලීසියට ගෙන්වා ගෙන දරුවාගේ මුදල් පසුම්බිය අහුලා ගත් පුද්ගලයා ඉදිරියේ අයිතිකරුවන්ට භාරදී තිබේ.
පසුම්බියේ තිබූ මුදල් ඇතුළු කිසිවක් අඩු වී නොමැති බව පැවසූ අයිතිකරුවන් පසුම්බිය අහුලා ගත් පෙදරේරු ශිල්පියාට සිය ප්‍රණාමය පුද කර සිටි බව කුඩාඔය පොලිස් ස්ථානාධිපති ජේ.ඒ.පී. කුමාරසිංහ මහතා පැවසීය.