ඉන්ධන ලබාදීම ගැන දැනුම්දීමක්

ඉන්ධන ලබාදීම ගැන දැනුම්දීමක්

ලංකා ඛණිජ තෙල් සංස්ථාව කියා සිටින්නේ බූලි සහ බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන බවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව කියා සිටින්නේ බූලි සහ බැරල්වලට ඉන්ධන ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන් ඒකරාශී වීම අනවශ්‍ය තදබදයක් සහ පෝලිම් ඇති කරමින් කටයුතු කරන බවට තොරතුරු වාර්තාවී ඇති බවයි.

ඔවුන් සතු ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයන් විසින් අනිසි බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවයි එම සංස්ථාව සඳහන් කළේ.

චන්දන ලක්මාල්

Share This