ඡන්දයට නිවාඩු ලැබෙන හැටි

ඡන්දයට නිවාඩු ලැබෙන හැටි

මැතිවරණ කොමිසමේ පැවතියේ අද (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් එහි සභාපති R.M.A.L රත්නායක පැවසුවේ රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව නිවාඩු ලබාදීමට ගන්නා ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ විශ්වවිද්‍යාල උපකාරක පන්ති ඇඟලුම් කම්හල්වල සේවකයින්ට හා ශිෂ්‍යයින්ට නිවාඩු ලබාදීම අත්‍යවශ්‍ය වන බවයි.

රජයේ අංශයේ නිලධාරීන්ට පැය දෙකක නිවාඩුවකට යටත්ව ඡන්දයප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොළට ඇති දුර ප්‍රමාණය අනුව ආයතන ප්‍රධානීන් විසින් තීරණය කරනු ලබන ප්‍රමාණවත් කාල සීමාවක් නිවාඩු ලබා දීම අත්‍යවශ්‍ය බවයි.

පෞද්ගලික අංශයට නිවාඩු ලබා වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් චක්‍රලේඛනයක් නිකුත් කර ඇති අතර ඒ අනුව කිලෝමීටර් 40 හෝ ඊට අඩුවේ නම් දින බාගයක් ද කිලෝමීටර්40-100අතර එක්දිනයක්ද කිලෝමීටර් 100-150 අතර දින එකා මාරක්ද කිලෝමීටර් 150 වැඩි නම් දින 02 වශයෙන් නිවාඩු ලබා දිය යුතු බව සඳහන්ය.

ඇතැම් ඡන්දදායකයින්ට ඡන්ද පොළට යාම සඳහා පවතින දුර ප්‍රමාණය අනුව ඊට වඩා වැඩි දින ප්‍රමාණයක් නිවාඩු අවශ්‍ය විය හැකි බව එම සභාපතිවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකරන සියලු ප්‍රචාරක කටයුතු හෙට (03) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කෙරෙන අතර මැතිවරණය දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස සැලකෙන බව එම සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

චන්දන ලක්මාල්

Share This