උසස් පෙළ සමත් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ සමත් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

පසුගියදා නිකුත් කළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද (02) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ලියාපදිංචිය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතය.

මෙවර විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා සිසුන් 43,300ක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පැවසුවේ වික්‍රාමාරච්චි අයුර්වේද විශ්වවිද්‍යාලයේ නව උපාධි පාඨමාලාවක්ද හඳුන්වාදී ඇති බවය.

සේවා කළමනාකරණය පිළිබඳව එම උපාධි පාඨාමාලව මගින් අධ්‍යයනයට සිසුන්ට පහසුකම් සලසා ඇති බව කොමිසම සඳහන් කරයි.

Share This