බංගලාදේශ යොවුන් කණ්ඩායමට කඩලු 09ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජයගැනීමට බංගලාදේශ යොවුවන් කණ්ඩායම අද (28) සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.5ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 211කි.
එහිදී චාමික හීනටිගල ලකුණු 51ක් සහ ඩිනුර් දම්සිත් ලකුණු 47ක් ලබාගත්තහ. පන්දුයැවීමේදී අල් ෆහාඩ් ලකුණු 44කට කඩුලු 6ක් දවාගත්තේය.
අනතුරුව ජයග්‍රහහණය සඳහා ලකුණු 212ක ඉලක්කමක් හඹා ගිය බංගලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 34.3ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ.
එහිදී සවාඩ් අබ්රාර් නොදැවි ලකුණු 130ක් රැස්කරගත්තේය. පන්දුයැවීමේදී කුගදාස් මතුලන් එක් කඩුල්ලක් බිඳහෙළුවේය.
මෙම තරගය පැවැත්වුණේ, කොළඹ CCC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.