කවුද මේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ..?

කවුද මේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ..?

ලොව පුරා බිලියන 1.4 ක කතෝලිකයන් ශෝකය පත් කරමින් රෝමානු කතෝලික පල්ලියේ නායක ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (21) වන වතිකානුවේ කැසා සැන්ටා මාර්ටා හි පිහිටි ඔහුගේ නිවසේදී ස්වර්ගස්ථ වී තිබේ. ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ වයස අවුරුදු 88 පසුව ඇත.

පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම සිදුවන්නේ නියුමෝනියාව සමග සිදුකළ දැඩි සෞඛ්‍ය සටනකින් පසුය.

රෝමානු කතෝලික පල්ලියේ පළමු ලතින් ඇමරිකානු නායකයා ෆ්‍රැන්සිස් පාප් වහන්සේය. මාර්තු 23 වන දින නියුමෝනියාව හේතුවෙන් රෝහල්ගත වුණු පාප් වහන්සේ දින 38ක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූහ. නමුත් එම කාලය තුළද තමාගෙන් ඉටුවිය යුත්තේ මොනවාදැයි සොයා බලා සියල්ල නිසියාකාරව ඉටුකිරීමට උන්වහන්සේ වගබලා ගත්හ. උන්වහන්සේගේ මරණය සිදුවන්නේ සිය පළමු දීර්ඝ මහජන දර්ශනයෙන් දිනකට පසුවය.

ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ 2013 මාර්තු 13 වන දින පාප් වහන්සේ ලෙස තේරී විය. දුප්පතුන් කෙරෙහි දක්වන සැලකිල්ල සඳහා ආර්ජන්ටිනාවේ මෙම පූජකවරයා එකල මිනිසුන් අතර බෙහෙවින් ප්‍රසිද්ධ විය.
ඔහුගේ සරල බව නිසාම ඔහු ජනතාවගේ ආදරයට පාත්‍ර වූයේ නිසැකෙනි. නමුත් ඔහු ඔහුගේ පූර්වගාමීන් විසින් භාවිත කරන ලද අපෝස්තලික මාලිගාවේ අලංකාර පාප්තුමාගේ මහල් නිවාස කිසි විටෙකත් අත්පත් කර නොගත්තේය. ඒ වෙනුවට ඔහු තම මානසික සෞඛ්‍යය සඳහා තෝරාගත්තේ ප්‍රජා පසුබිමක ජීවත් වීමයි.

පාප් වහන්සේ ලෙස තේරීපත්වීම ඔහුට අත්කර දුන්නේ ඉතා සංකීර්ණ වගකීමකි. මන්ද යත් ඔහුට උරුම වූයේ ළමා ලිංගික අපයෝජන වංචාවක් හේතුවෙන් ප්‍රහාරයට ලක් වූ සහ වතිකානු නිලධාරිවාදයේ අභ්‍යන්තර ගැටුම්වලින් ඉරා දැමූ පල්ලියකි. නමුත් මේ සියල්ල යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔහු පැහැදිලි ජනවරමක් සහිතව තේරී පත් විය.

නමුත් ඔහු පාප් පදවියේ කටයුතු ඉදිරියට කරගෙන යත්ම ඔහු ගතානුගතිකයින්ගේ දැඩි විවේචනවලට මුහුණ දීමට පටන් ගත්තේය. ඒ ඔහු ඇතැම් පැරණි සම්ප්‍රදායන් කඩකළ බවට චෝදනා ලබමිනි. එහිදී ඇතැමුන් පාප් වහන්සේට චෝදනා කලේ ඔහු මෙතෙක් පැවති ආදරණීය සම්ප්‍රදායන් කුණු කූඩයට දැමූ බව පවසමිනි.

මෙසේ අභ්‍යන්තර මතභේද සමඟ පොරබදමින් සිටියදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කෙසේ හෝ ලොව සියලු රටවල ජනතා ආදරය දිනා ගත්හ. ඒ අනුව ඔහුගේ බොහෝ විදේශීය සංචාර සඳහා විශාල ජනකායක් ආකර්ෂණය කර ගැනීමට සමත් විය.

1957 දී ඔහුට වයස 20 ගණන්වල මුල් භාගයේදී ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ ඔහුගේ උපන් ආර්ජන්ටිනාවේ ශල්‍යකර්මයකට භාජනය විය. එහිදී දරුණු ශ්වසන ආසාදනයකින් පීඩාවට පත් වූ ඔහුගේ පෙනහළු කොටසක් ඉවත් කළේය.

වයසට යත්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිතර ශ්වසන රෝගවලින් පීඩා විඳීමට පටන් ගත්හ. එහිදී ඉන්ෆ්ලුවෙන්සා සහ පෙනහළු දැවිල්ල හේතුවෙන් 2023 නොවැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට සැලසුම් කළ සංචාරයක් පවා අවලංගු කිරීමට සිදු විය.

කාලයත් සමග බ්‍රොන්කයිටිස් රෝගයෙන් පෙළීමෙන් පසු 2025 පෙබරවාරි 14 වන සිකුරාදා පාප් වහන්සේ රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කරන ලදී. දින ගණනාවක් රෝගල්ගතව සිටියද උන්වහන්සේ සෑම දිනකම උන්වහන්සේගෙන් ඉටුවිය යුතු සියල්ල නොපිරිහෙලා ඉටු කිරීමට පියවර ගත්තේය. මේ අතර ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සායනික තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරුණි. පෙබරවාරි 18 වන අඟහරුවාදා ඔහුගේ වෛද්‍යවරු ඔහුගේ රෝගයේ ඇති සංකීර්ණ බව හඳුනා ගත්හ. දින 38 ක් රෝහලේ ගත කළ ජීවිතයෙන් මිදුණු පාප් වහන්සේ සුවය ලැබීම සඳහා කැසා සැන්ටා මාර්ටා හි ඔහුගේ වතිකානු නිවසට නැවත පැමිණියහ.

පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීමෙන් පසු දේහය හැසිරවිය යුතු ආකාරය ඇතුළු නව අංග කිහිපයකි.

මරණය තහවුරු කිරීම සිදු වන්නේ ඔහු මියගිය කාමරයේ නොව දේවස්ථානය තුළයි. ඔහුගේ දේහය වහාම මිනී පෙට්ටිය තුළ තැන්පත් කරනු ලැබේ.

අපෝස්තලික උත්සව ප්‍රධානී අගරදගුරු ඩියාගෝ රාවෙලි පවසන පරිදි, අභාවප්‍රාප්ත ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අවමංගල්‍ය චාරිත්‍ර සරල කර ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථාන වූ ශරීරය කෙරෙහි පල්ලියේ ඇදහිල්ල ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබේ.

පාප් වහන්සේ කෙතරම් ජනතාව කෙරෙහි සංවේදි සහ අනුකම්පාසහගතව කටයුතු කළේද යත් උන්වහන්සේගේ අවසාන දේශනයේ සඳහන් ඉල්ලීම වූයේ ගාසාවේ යුද්ධය සහ යුක්රේනයට සිදුකරන පහරදීම් නතර කරන්නැයි කියාය.

අවස්ථා කිහිපයකදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේට රෝග සමග සටන් කර ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණ ද මෙවර ඔහුට එම සටනින් දිවි ගලවා ගැනීමට නොහැකි වනු ඇති බව ඔහු තම සහායකයින්ට අනතුරු අඟවා තිබූ බවද වාර්තා වේ.

අවසන XVI වන බෙනඩික්ට් පාප්තුමාගෙන් පසු ෆ්‍රැන්සිස් පල්ලියේ වඩාත්ම ආදරණීය චරිතය ලෙස වසර 12 ක් සේවය කළ ෆැන්සිස් පාප්වහන්සේ ලොවම ශෝකයට පත් කරමින් සියලු දෙනා අතරින් සමුගත්හ.

සඳුනි තිලකරත්න

Share This