අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට සුබ ආරංචියක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට සුබ ආරංචියක්

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව අද සිට අතිරේක බස් රථ පන්සියයක් පමණ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය අධිකාරි පී.එච්.අර්.ටි.චන්ද්‍රසිරි කියයි.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු ද කියා සිටියේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ යොදවා ඇති බවයි.

ගම්බිම් බලා යන ජනතාව සඳහා ද දුම්රිය ගමන් වාර කීපයක් ක්‍රියාත්මක කරන බව ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බෙලිඅත්ත ත්‍රිකුණාමලය මහනුවර අනුරාධපුරය සහ ගාල්ල යන ගමනාන්ත දක්වා ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

චන්දන ලක්මාල්

Share This