ගාලු කොටුවේ මාර්ගයේ කොටසක් ගිලා බසි

ගාලු කොටුවේ මාර්ගයේ කොටසක් ගිලා බසි

ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වන ඓතිහාසික ගාලු කොටුවේ රැම්පාට් වීදියේ කොටු පවුර ආසන්න මාර්ගයේ කොටසක් ඊයේ (08) ගිලා බැස තිබෙනවා.

අඩි පහක පමණ විෂ්කම්භයකින් යුක්ත අඩි දහයක කොටසක් මෙලෙස ගිලා බැස තිබේ. ගිලා බැස ඇති කොටසේ ගැඹුර අඩි පහක් පමණ වේ.

මේ හේතුවෙන් රැම්පාට් විදියේ ගිලා බැස ගිය කොටස වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබේ.

මින් පෙර මෙම ස්ථානයේ ගිලා බැසීමේ සලකුණු තිබුණු බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිහිපවිටක් දැනුවත් කළකළ බව ප්‍රදේශවාසීන් පැවසිය

ගාල්ල ෆර්හාන් නිසාම්දින් 

Share This