සංශෝධිත රාජ්‍ය සේවක වැටුප් ගැන නව චක්‍රලේඛයක්

සංශෝධිත රාජ්‍ය සේවක වැටුප් ගැන නව චක්‍රලේඛයක්

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීමට අදාළ ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අප්‍රේල් මස වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 අනුව ගෙවීය යුතු බව එහි දැක්වේ.

රජයේ නිලධරයන්ට ගෙවිය යුතු අප්‍රේල් මස වැටපු එම මස 10 වන දින ගෙවීමට කටයුතු කළ යුතුය.

කෙසේ වෙතත් පිළිගත හැකි හේතුවක් මත එදිනට අදාළ සංශෝධිත වැටුප ගෙවීමට නොහැකි වන්නේ නම් අප්‍රේල් මාසය සඳහා ගෙවිය යුතු වැටුපෙහි හිඟ මුදල 2025.04.25 දින ගෙවීමට ක්‍රියාකළ යුතු බව අදාළ චක්‍ර ලේඛයේ වැඩිදුරට දැක්වෙයි.

Share This