කෝසල නුවන් ජයවීර වෙනුවට සමන්ත රණසිංහ නම් කරයි

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතා නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඊට අදාළ ගැසට් පත්‍රය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතයි.
මෙවර කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වූ ඔහු මනාප ඡන්ද 41,763ක් ලබාගැනීමට සමත් වුණා.
සමන්ත රණසිංහ මහතා මැයි මස පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී රඹුක්කන ප්‍රදේශීය සභාව සඳහා තරග කරන බව සඳහන්.
කෑගල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු ආසන නවයෙන් හතක් ජාතික ජනබලවේගය විසින් දිනාගනු ලැබුවේ, ඡන්ද 312,441ක් ලබාගනිමින්.