තායිලන්ත කිමිදුම් බෝට්ටුවක ඇති වූ ගින්නකින් බ්‍රිතාන්‍ය කාන්තාවක් අතුරුදන්

තායිලන්තයේ කිමිදුම් බෝට්ටුවක ඇති වූ ගින්නකින් බ්‍රිතාන්‍ය කාන්තාවක් අතුරුදන් වී ඇති බව බලධාරීහු පවසති.
ඒ ඇලෙක්සැන්ඩ්‍රා ක්ලාක් ය.
ඉරිදා උදෑසන නවය පසු වූ විට යාත්‍රාවේ එන්ජින් කාමරයේ ගින්නක් මෙම ගින්න ඇතිව තිබේ. එවිට යාත්‍රාව තිබී ඇත්තේ කෝ තාඕ දූපතේ වෙරළට ඔබ්බෙනි.
ගින්න ඇතිවන විට බෝට්ටුවේ පුද්ගලයින් 22 දෙනෙකු සිටි බව වාර්තා වේ. එනම් සංචාරකයින් 16 දෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු, කිමිදුම් උපදේශකයින් දෙදෙනෙකු සහ සහකාර කිමිදුම් උපදේශකයින් දෙදෙනෙකු ය.
සඳුනි තිලකරත්න