පැය 16 ජල කප්පාදුවක්

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කටාන බල ප්‍රදේශය පැය 16 ජල කප්පාදුවක් සිදු කරන බව ජාතක ජල සම්පාදන හ ප්‍රවාහන මණ්ඩලය පැවසීය.
ඒ අනුව 19 උදෑසන 8.00 සිට එදින මධ්‍යම රාත්‍රී 12 දක්වා වූ පැය 16 ක කාලය තුළ කටාන උතුර කලාපයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටවන බව එම මණ්ඩලය පැවසීය.
වම්බුකුළිය, මුරුතානා, කටාන උතුර, කටාන බටහිර, කටාන නැගෙනහිර, උඩංගාව මානවේරිය, තෝප්පුව, බටහිර කලුවාරිපුර, ඉහළ කඳවල, පහළ කඳවල, වැලිහේන උතුර, වැලිහේන දකුණ.ආඩික්කන්ඩිය, ඇත් ගාල, අත් ගාල දකුණ, මහා ඇත් ගාල සහ නැගෙනහිර කළු වාරිප්පුව ආදී ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
- චන්දන ලක්මාල්