මිනිස්සුත් දැන් ලෝකයට විශාල තර්ජනයක් වෙලා ද?
මිනිස්සුන්ගෙන් සතුන්ටත් රෝග බෝවෙනවා
කාලාන්තරයක් මුළුල්ලේ ලොව විවිධ රෝග ව්‍යාප්තියන් සම්බන්ධයෙන් සතුන්ට දෝෂාරෝපණය කිරීමට මිනිසුන් පුරුදුව සිටියා.
ඉන් වැඩිම දෝෂාරෝපණයක් එල්ල වුණේ මීයන් සහ වවුලන්ටයි
කෙසේ වෙතත් එම මතය වෙනස් කිරීමට එංගලන්තයේ ‘University College London’ හි පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකට හැකියාව ලැබිලා තියෙනවා
එම පර්යේෂණය අනුව අනාවරණ වන්නේ සතුන්ට වඩා දෙගුණයක් වේගයෙන් මිනිසාගෙන් වෛරසයක් සම්ප්‍රේෂණය විය හැකි බවටයි.
වෛරස් විශ්ලේෂණයේදී බොහෝ අවස්ථාවන්හිදී එනම් 64% ක දී පමණ වෛරස් මිනිසුන්ගෙන් වෙනත් සතුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවට සොයාගෙන තිබෙනවා.
මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම්, විශාල ජනගහනය සහ ගෝලීය ප්‍රවේශය සලකා බැලීමේදී මෙම රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින බවයි එම පර්යෙෂණය හරහා අනාවරණ වන්නේ.
මෙම තත්ත්වයේ භයානක්තවය මිනිසාට පමණක් නෙවෙයි සතුන්ටත් බලපානවා.
ඒ කියන්නේ මිනිස්සුත් දැන් ලෝකයට විශාල තර්ජනයක් වෙලා ද?
සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම, පරිසර දූෂණය වැනි අහිතකර ක්‍රියාවන් හේතුවෙන් වේගයෙන් මිනිසාගෙන් විවිධ ලෙඩ රෝග සතුන්ට සම්ප්‍රේෂණය විය හැකි බවට ඔවුන් පෙන්වා දී තිබෙනවා.
ව්‍යාප්ත වන වෛරස නව ධාරකයා තුළ පරිණාමය විය හැකි අතර ඒ අනුව මිනිසාගෙන් සතුන්ටත්, සතුන්ගෙන් නැවතත් මිනිසුන් වෙතටත් පැතිරීම සිදුවිය හැකියි.
එය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයන්ට දිගින් දිගටම තර්ජනයක් විය හැකි බවටද පර්යේක්ෂකයින් අනතුරු අඟවනවා.
සතුන් සහ මිනිසුන් අතර වෛරස් සම්ප්‍රේෂණය වීම පිළිබඳ සමීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම තවදුරටත් සිදුකිරීමටත්, මෙම ව්‍යාප්තිය නැවැත්වීමේ හැකියාවක් පවතිනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමටත් එම පර්යේෂකයින් සුදානම්.
ඒ අනාගතයේදී නව රෝග පැතිරීම් සහ වසංගත සඳහා වඩාත් සූදානම් විය හැකිය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
‘Nature Ecology & Evolution’ හි ප්‍රකාශයට පත් කරන ලද මෙම පර්යේෂණය, මිනිසාගෙන් සතුන්ට වෛරස් සම්ප්‍රේෂණය කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කරන අතර එය අවබෝධ කර ගැනීම මානව සහ සත්ත්ව යන දෙඅංශයම ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් වනු ඇති.