දේශබන්දු ඉන්න තැන අපිට කියන්න..! පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි

දේශබන්දු ඉන්න තැන අපිට කියන්න..! පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා ඇති, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා අද (06) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මෙම ඉල්ලීම සිදු කළා.

හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහු මේ වනවිට නීතියට අවනත නොවී සැඟවී සිටින බව ද බුද්ධික මනතුංග මහතා අවධාරණය කළා.

Share This