රචින් රවීන්ද්‍රගෙන් විශිෂ්ට ශතකයක්

රචින් රවීන්ද්‍රගෙන් විශිෂ්ට ශතකයක්

නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු රචින් රවීන්ද්‍ර සිය එක්දින ක්‍රිකට් දිවියේ 05 වන ශතකය රැස්කරගැනීමට සමත් වුණා.

ඒ, 2025 වසරේ, අයි.සී.සී ශූරයින්ගේ කුසලානයේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර පන්දුවාර 32ක් අවසානයේ එක් කඩුල්ලක් දැවි ලබා සිටින ලකුණු සංඛ්‍යාව 201ක්.

එහිදී රචින් රවීන්ද්‍ර ලකුණු 105ක් සහ කේන් විලියම්සන් ලකුණු 72ක් ලබා නොදැවී පන්දුවට පහර දෙනවා.

Share This