දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක දෙකකට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා.

ඒ, ඊයේ (27) පැවැති වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, කන්ඳකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සූරනතොට යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවලට අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සඳහන්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යලය බල ප්‍රදේශයට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර ඇත්තේ.

මෙම අනතුරු ඇඟවීම ‍හෙට (01) මධ්‍යහන 12.30 දක්වා බලාත්මකයි.

 

Share This