හෙට්ටිපොල දැරිය මිය යෑමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට

හෙට්ටිපොල දැරිය මිය යෑමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේ 09 හැවිරිදි දැරියක් වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හෙට්ටිපොල පොලිසිය විසින්.

මෙම සැකකරු වයස අවුරුදු 48ක් වන මගුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

ඔහු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාල 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 02ක් සොයාගත් බවයි, පොලිසිය සඳහන් කළේ.

ඊයේ (27) මඟුලාගම ප්‍රදේශයේදී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් මෙම දැරිය මරණයට පත් වුණා.

ඉන් ඇයගේ මිත්තණිය තුවාල ලැබූ අතර ඇය මේ වනවිට කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Share This