ඉෂාරා සෙව්වන්දිගේ අම්මා සහ මල්ලි රක්ෂිත බන්ධනාගාරයට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සැකකාර කාන්තාවගේ මව සහ සොහොයුරා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ ඔවුන් අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මොවුන් දෙදෙනා පසුගිය 24 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින්.
මෙම සැකකරු හා සැකකාරියව අත්අඩංගුවට ගනු ලැබුවේ, පසුගිය 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීමේ චෝදනාව මතයි.
ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 10ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ක්‍රියාත්මකයි.