මහා කුම්භමේලාවේ තෙරපීමකින් සිදුවූ මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහළට

මහා කුම්භමේලාවේ තෙරපීමකින් සිදුවූ මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහළට

ඉන්දියාවේ විශලාතම ආගමික උත්සවයවන මහා කුම්භමේලාවේ සුබම දිනය ලෙස ඔවුන් අසලකන අද(29) දිනයේ, තෙරපීමකින් 30 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැත්වෙන මහා කුම්භමේලා හෙවත් මහා පිචර් උත්සවයට අද දිනයේදී වාර්තාගත මිලියන 100 ක පමණ සහභාගිවන්නන් බලධාරීන් විසින් අපේක්ෂා කර ඇති බව සඳහන්.
අද උදෑසන මහා කුම්භමේලාවේ වඩාත්ම සුබ දිනය සනිටුහන් කරමින්, අළුයම් කාලයේ මිලියන සංඛ්‍යාත බැතිමතුන් උරෙන් උර ගැටී, ශුද්ධ ස්නානය සඳහා පැමිණ තිබෙනවා.
ඒ අතරතුරයි මෙම තෙරපීම ඇතිව ඇත්තේ.
එම අවස්ථාවේ 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් සඳහන්. අද අළුයම 01.00 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
පසුව ගිලන් රථ මගින් තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති අතර, ශුද්ධ ස්නානය කිරීම අවලංගු කර ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ.

මෙම විශේෂිත ආගමික උත්සවයේදී දිවි අහිමි වූවන්ගේ පවුල් වෙත ඉන්දීය අගමැති නරීන්ද්‍ර මෝදී ශෝකය පළ කර ඇති අතර, රජයට ජනතාව නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකිවී යැයි විපක්ෂය චෝදනා එල්ල කරනවා.

Share This