අනුරාධපුරයේ ප්රධාන ජලාශ 9ක් වාන් දමයි
අනුරාධපුර මහ වාරි ජලාශ 14න් ජලාශ 09ක්ම මේ වන විට වාන් දමමින් පවතිනවා.
ඒ අනුව නාච්චාදුව ජලාශයේ වාන් දොරටු අඩි හතර බැගින්ද, දොරටු දෙකක් අඩි දෙක බැගින්ද, දොරටු තුනක් අඩි දෙක බැගින්ද විවෘත කර තිබෙනවා.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර මහකනදරාව ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් නවය බැගින්ද විවෘත කර ඇති බව සඳහන්.
තවද මහවිලච්චිය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි එක බැගින් හා දෙක බැගින් විවෘත කර තිබෙනවා.
අභය වැව, තුරුවිල ජලාශය, හා තිසා වැවද අගල් දෙක බැගින් වාන් දමමින් පවතින අතර නුවර වැව අඩි එකකින්ද කලා වැව අඩි එක බැගින් වාන් දොරටු දෙකක්ද මේ වන විට විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.