චීන ජාතිකයින් 85 දෙනෙකු පිටුවහල් කෙරේ

චීන ජාතිකයින් 85 දෙනෙකු පිටුවහල් කෙරේ

මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 85 දෙනකු අද අලුයම එරට වෙත පිටුහල් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

මොවුන් මෙරට විවිධ අපරාධවලට වරදකරුවන් වූ අතර අධිකරණය මගින් වරදකරුවන් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකර සිටි අතර ඉන්පසුව එම අසු පස්දෙනා මෙරටෙන් පිටුවහල් කර ඇත.

බස් රථ පහකින් මෙම චීන ජාතකයින් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද චීනයේ ග්වැන්ෂෝ බලා උන් පිටුහල් කළ බවයි එම නිලධාරියා පැවසීවේ

චන්දන ලක්මාල්

Share This