පුංචි ඡන්දයට අපේක්ෂකයන් 80,000ක්

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා අපේක්ෂකයින් 80,000ක් ඉදිරිපත් වී සිටින බව මැතිවරණ කොමිසම කියයි.
පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉදිරිපත්ව සිටින මෙම අපේක්ෂකයින්ගෙන් 8500 ක් තෝරාපත් කර ගන්නා මැතිවරණය ලබන මැයි 06 වැනිදා පැවැත්වීමට නියමිතය.
පළාත් පාලන ආයතන 336 සදහා සභිකයින් තෝරා ගැනෙන අතර ව්ව්ධ හේතු මත මැතිවරණය අවස්ථා කිහිපයකදී කල් දමනු ලැබීය.
- ශිරාන් රණසිංහ