ශ්‍රී ලාංකිකයින් 79කට දෙවන වරටත් ඊශ්‍රායලයේ රැකියා වරම්
නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනමා තිබෙනවා.
ඒ, පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී යි.
ඒ අනුව තරුණයින් 79 දෙනෙකු වෙත මෙම රැකියා අවස්ථා හිමිවූ අතර, ඔවුන්ට ඊශ්‍රායලයේ වසර 5කුත් මාස 3ක සේවා කාලයක් හිමිවනවා.
කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා අතින් මෙම ගුවන් ටිකට්පත් ප්රදානය කර තිනෙවා.
මේ වන විට මතභේදයට තුඩු දී ඇති ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය ආශ්රිත රැකියා සඳහා විදේශ ගතවීමට අපේක්ෂාවෙන් පසුවන රැකියාලාභීන් සඳහා නව රැකියා අවස්ථා උත්පාදනය කරදීමෙහිලා මෙම ශ්‍රමිකයින්හට සන්නාම තානාපතිවරුන් වශයෙන් කටයුතු කළ හැකි බවයි සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.
ඒ අනුව ශ්‍රී ලාංකිකයින් වශයෙන් මව්බිමේ ගරුත්වය ආරක්ෂාවන පරිදි වගකීමෙන් කටයුතු කරන ලෙස වැඩිදුරටත් වික්‍රමසිංහ මහතා රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියා.
මෙම පිරිස දෙසැම්බර් මස 28 වන දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.
මේ අතර, ඊශ්‍රායලයේ රැකියා සඳහා අයදුම්කර ඇති ශ්‍රමිකයින්ට සිය ලිපිගොනුවේ තත්වය ස්වයංව පරික්ෂා කර ගැනීම සඳහා www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියේ නව ද්වාරයක් කාර්යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා.