77 වන ජාතික නිදහස් උත්සවය නිදහස් චතුරස්රයේදී
77 වැනි ජාතික නිදහස් දින උත්සවය රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි උත්කර්ෂවත්ව සහ වියදම් අඩු කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
මෙවර නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරීස්‍රය්දී පැවැත්වීට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ.
අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද (30) පැවැති නිදහස් දින සැමරුමේ ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමේදී තීරණය කර ඇති බව සඳහන්.
මෙවර ජාතික නිදහස් සැමරුම් උත්සවය මහජනතාවට නැරඹීම සඳහා අවස්ථාව හිමිකර දීමට අපේක්ෂා කරන බව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.
මෙවර නිදහස් උත්සවය සඳහා 1600 ක් පමණ ආරාධිතයින් සහභාගී වීමට නියමිතයි.