නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දුන් 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට දරුවන්ට නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත් වීමේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කර, වගකිවයුතු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (20) නියෝග කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු වභාගය අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම මොඩියුලය මුද්‍රණය කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යනු ලබයි.
