රථවාහන වැරදිවලට රියදුරන් 5415ක් අල්ලයි
අද (02) පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ විශේෂ රථවාහන මෙහෙයුම මගින් රථවාහන වැරදිවලට අදාළව රියදුරන් 5,415ක් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කර තිබෙන බව පොලීසිය පවසනවා.
එයට බීමත් රියදුරන් 509 දෙනෙකු, අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාළ රියදුරන් 29 දෙනෙකු, අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 59 දෙනෙකු, මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 762ක්, බලපත්ර වැරදි සම්බන්ධ රියදුරන් 345ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 3,711ක් ඇතුළත්.
මෙම විශේෂ මෙහෙයුම තවදුරටත් ක්රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන අතර බීමත්ව රිය ධාවනය නොකිරීමටත්, මාර්ග නීති උල්ලංඝණය ඇතුළු අනෙකුත් රථවාහන නීතී රීති උල්ලංඝණය නොකරන ලෙසටත් ශ්රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.