සෞදි අරාබි රජයෙන් රටඉඳි කිලෝග්‍රෑම් 50,000ක්
සෞදි අරාබි රජය විසින් රටඉඳි කිලෝග්‍රෑම් 50,000ක් පරිත්‍යාග කර තිබෙනවා.
ඒ, රාමලාන් කාලසීමාවේදී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහායි.
ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත නිල වශයෙන් සංකේතාත්මකව භාර කෙරුණා.
රාමලාන් කාලසීමාවේදී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි අරාබි රජය විසින් රට ඉඳි කිලෝ ග්‍රෑම් 50,000ක් පරිත්‍යාග කිරීම අද (27) පෙරවරුවේ කොළඹදී සිදු කෙරුණා.
මෙම අවස්ථාවට විදේශ රැකියා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටි බව සඳහන්.
සෞදි අරාබි රජය විසින් සිය මිත්‍ර රටවල් සඳහා රට ඉඳි තොග ප්රදානය කිරීම් වාර්ෂිකව සිදුකරන්නක් වනවා.