වීදි ළමුන්ට රුපියල් 5000ක දීමනාව ලබාදීම ඇරඹෙයි

වීදි ළමුන්ට රුපියල් 5000ක දීමනාව ලබාදීම ඇරඹෙයි

ආයනනික රැකවරණය හෝ භාරකාරිත්වය යටතේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලබාදීමේ වැඩසටහනක් ඊයේ (15) ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනේ අමරසූරිය කියා සිටියේය.

බත්තරමුල්ල සෙට් සිරි පායේදී පැවති එම වැඩසටහනට එක්වෙමින් පරිවාස භාරයේ රඳවා සිටින දරුවන් එම ආයතනවලින් පිටව යාමෙන් පසු සමාජයේ කිසිදු වෙනසකට ලක් නොවිය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ.

චන්දන ලක්මාල්

Share This