2018 සිට 5000 ක බස් හිඟයක්

පාඩුව පියවගන්න අවම බස් ගාස්තුව රු.50 ක් කළ යුතුයි

2018 සිට 5000 ක බස් හිඟයක්

2018 වසරේ සිට ශ්‍රී ලංකාව බස් රථ 5,000 ක හිඟයකට මුහුණ දී ඇති අතර, රජය තවමත් පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ දෙන අභියෝගවලට ප්‍රමුඛත්වය දී නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

බස්රථ ගෙන්වීමේ අධික පිරිවැය පිළිබඳව විස්තර කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ලේලන්ඩ් බස් රථයක් ආනයනය කිරීම සඳහා වැට් බද්ද ඇතුළුව රුපියල් මිලියන 17 ක මුදලක් බදු ලෙස ගෙවීමට සිදුව ඇති බවයි.
එම වියදම් පියවා ගැනීම සඳහා අවම බස් ගාස්තුව අවම වශයෙන් රු. 50.00 කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

තම මෙහෙයුම් අතිශයින් අභියෝගාත්මක නිසා පෞද්ගලික බස් රථ හිමියන්ට බදු සහන සලසන ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා ඇත්තේ.

Share This