නාවික හමුදා සහන කණ්ඩායම් 50ක් සීරුවෙන්

නාවික හමුදා සහන කණ්ඩායම් 50ක් සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන  මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධන්ගල ප්‍රදේශය නාවික හමුදා සහන කණ්ඩායම් දෙකක් ස්ථානගත කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ වනවිට ඔවුන් එම සහන කණ්ඩායම් අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවට පත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදු කරමින් සිටින බව සඳහන්.

අයහපත් කාළගුණික තත්වය හමුවේ අධික වර්ෂාපතනය හේතුවෙන් පදවිය, මාඔය පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ මතුවී ඇති ගංවතුර අවධානම හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන්ට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් දෙකක් (02) ජීවිතාරක්‍ෂක උපකරණ සමඟ ස්ථානගත කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඒ අනුව, එම සහන කණ්ඩායම්, අද (19) පෙරවරුව වන විට ද ජලයෙන් යටවී ඇති පදවිය බුද්ධන්ගල මාර්ගය හරහා මහජනතාවට ආරක්‍ෂිතව ගමන් කිරීමට පහසුකම් සැලසීම ඇතුළු ආපදා සහන මෙහෙයුම් සිදු කරමින් සිටිනවා.

ඇති විය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර  සහන කණ්ඩායම් පනහක්  සූදානමින් තබා ඇති බව සඳහන්.

Share This