ඔපෙක් අරමුදලෙන් ඩොලර් මිලියන 50ක ණයක්

ඔපෙක් අරමුදලෙන් ඩොලර් මිලියන 50ක ණයක්

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදලක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

මෙම ණය ලබා ගැනීම සිදු කරනු ලබන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනට සමගාමීවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ද මෙම ණය ලබා ගැනීම එම අරමුදල් වැඩසටහනේ පරාමිතීන්ට අනුකූල වන බවට තහවුරු කර ඇති බව සඳහන්.

Share This