බහලුම් 459ක් නිදහස් කරයි

බහලුම් 459ක් නිදහස් කරයි

කොළඹ වරායෙන් ඊයේ (13) දින බහලුම් 459ක් නිදහස් කර ඇති බව අතිරේක අධ්‍යක්ශ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා.

ආර්.සී.ටී. ග්‍රේලයින් 1 සහ 2 අංගනවලින් බහලුම් 242ක පරීක්ෂාව අවසන් කර නිදහස් කළ බවයි ඒ මහතා කියා සිටියේ.

රේගුවෙන් දිනකට පරීක්ෂා කර බහලුම් 500 ක් පමණ නිදහස් කළ හැකියි.

කෙසේ වෙතත් නිෂ්කාෂණ නියෝජිතයින්ගේ සහ ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වී ඇති බැවින් නිදහස් කළහැකි ප්‍රමාණය මෙලෙස පහළ මට්ටමක පැවතුණ බවයි සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහලුම් 496ක් ඉතිරි වී තිබෙනවා.

අද දින (14) නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාල අනෙකුත් රාජ්‍ය ආයතන බහලුම් නිදහස් කිරීමේ කටයුතුවල නිරතව සිටින බවද සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියා.

Share This