බීමත් රියදුරන් 413ක් අල්ලයි
ගතවූ පැය 24 තුළ බීමත් රියදුරන් 413 දෙනෙකුට නීතීමය පියවර ගෙන තිබෙනවා.
ඒ උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ක්රියාත්මක කළ විශේෂ රථවාහන මෙහෙයුම යටතේයි.
එමෙන්ම, අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැදවීමට අදාළ රියදුරන් 49 දෙනෙකු ද මාර්ග නීති උල්ලංඝනය කිරීම, බලපත්ර වැරදි ඇතුලුව රියදුරන් 7,676 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.